මේ කථාව කියන්න ඕනෙකමක් තිබුනත් පොඩි පෙළඹීමක් ඇති උනු නිසා දැම්මම ලියලා දාන්න හිතුනා. ලැපක් ගන්න ඉන්න කෙනෙක්ට විශේෂයෙන් ප්රයෝජනවත් වේවි. නමුත් Laptop Buying Guide එකක් නම් නෙමේ මේක.
කාලෙක ඉඳන් ලොකු ආසාවක් තිබ්බා ලැපක් ගන්න. සෑහෙන කාලයක් හරියන එකක් හොය හොය ඉඳලා ඔන්න හිතට හරියන එකක් හමු උනා කියමුකෝ. Unity Plaza එකේ පඩිපෙළක් ගාවම තියෙන එක කඩයකින් (නම කෙලින්ම කියන එක හරි නෑනේ) අනිත් ඒවට සාපේක්ෂව ගොඩක් අඩු ගානකට දෙන්නම් කීවා. ලස්සන කථාවකුත් කීවා, "අනිත් කඩවල් වලින් කියන BEST PRICE එක කියන්න, ඊට වඩා අඩුවෙන් දෙන්නම්" කියලා.
කොහොම හරි ගන්නමයි කියලා සල්ලිත් අරන් ගියා කියමුකෝ. තරංග අයියයි නදීශ අයියයි එක්ක තමා ගියේ (වෙලාවට). ඉතින් ගානත් කථා කරන් ගන්නම හදනකොට එතන වැඩ කරන තව එක්කෙනෙක් අහනවා "ඕක ඔය ගානට දෙන්න පුළුවන්ද " කියලා. දැන් තමා ඕන් සීන් එක පටන් ගන්නෙ. මට ගාන කියපු මෑනුත් දැන් නිකන් අන්දුන්කුන්දුන් වෙලා වගේ.. මෑනුත් අනිත් එකත් එක්ක කථා කරලා එහෙම මට කියනව "ලොකු වැරදීමක් වෙලා තියෙන්නෙ මචන්..... DV5 එකේ ගාන මම කියල තියෙන්නෙ. ඒකනම් ඒ ගානට දෙන්නම්. කලින් බලපු එක මෙච්චරක් වෙනව" කියල. කලින් කියපු ගානට වඩා 10,000ක් විතර වැඩි ගානක් කීවා මතකෙ හැටියට. මට ඉතින් මේ සිද්ධිය ඇත්ත.... තරංග අයිය කීවා "ඒව හරියන්නෑ.. අපි ලෑස්ති වෙලා ආවෙ කියපු ගානට" කියලා (වැඩිපුර ගානක් අතේ තිබ්බ එක වෙනම කථාවක්). අර මෑන් මැනේජර් හමුවෙන්නයි කියලා ගියා. අපි එලියට ඇවිත් ටික දුරක් ඈතට ගිහින් හේත්තුවක් දාගෙන කථා කර කර හිටියා කොහෙන්ද දැන් ගන්නෙ කියලා.
ටික වෙලාවකින් මෙන්න අර මෑන් එනව අපිව හොයාගෙන. "මම මැනේජර් එක්කත් කථා කලා. මම ඔයාට ලාස්ට් මේ ගාන දාල සෙන්නම්" කියල ටිකක් අඩු ගානක් කීවා. අපි කථා කරල එන්නම් කියල හිටියා. මට දැන් මේකව එපා වෙලා. ඒ මදිවට තව කෝල් කරනවත් එක්ක.
තරංග අයිය කියනව "ඕව බිස්නස් ට්රිකස් මල්ලි රැවටෙන්නෙපා" කියලා. මට ඒත් ඕක ගානක් උනේ නෑ එවෙලෙ.
කොහොම හරි අපි වෙන තැනකින් (තැන ගැන කියනවනම් Unity Plaza එකේ වැඩිපුරම ලැප්ටොප් තියෙන්නෙ මේකෙ) කලින් තැනට වඩා පොඩ්ඩක් වැඩි ගානකට ගත්තා.
පස්සෙ දවසක තමා මට වැඩේ හරියටම තේරුනේ. යාලුවෙක්ට ලැපක් බලන්න ගිය වෙලේ එයා කියනව ඔයිට කලිනුත් ඔය වගේ දෙයක් වෙලා තියෙනව කියල. මේක මේ කඩේට නුපුරුදු දෙයක් නෙමේ, ඔන්න පරිස්සමින්.
ලැප් එකේ කතන්දරේ ඔතනින් ඉවර වෙන්නෙ නෑ. ලැප ගත්තු කඩේ එක්කත් කොක්කක් වැටුනා. ඒක ඊගාවට කියන්නම්.

oya wge chate seen ananthai unitye. matath oyita wada darunu siddiyak una. thawa godak ayata ahema wela thiyanawa. unityen lap gaddi kalpanawen
අයියෝ උඔත් උන්ට අහු උනාද? Laptop.lk කියල දාන්න බය වෙන්න එපා. උන්ගෙ බලු වැඩ වලට එහෙම කරල මදි.
:) Thanks for ur comments.
කණියො, ඊගාවට මම කියන්නම්කො උන්ගෙ වැඩ කොහොමද කියලා....
ඒකත් මාර scene එකක්නේ... ඉතිරි ටිකත් කිව්වනම් ළගදිම හොඳයි වගේ .....
මම ගොඩක් දක්ෂයි නෙව සිංහල ටයිපින් වලට. ඉතින් හෙන කම්මැලි ටයිප් කරන්න.
මම අපේ සංජයගෙන් place එක අහගත්ත....
මමත් දවසක් ඒ කඩේ ඇතුළට යනකොටම එකේ හිටපු කෙනෙක් Lap එකක් ගන්නද මල්ලි කියල මාව හොඳට පිළි අරගෙන කතා කළා. Customers ල පිළිගන්න නම් උන් එකෙන්ම තමා.....
ලැපක් ගන්න කීවම නම් නමත් අහගෙන ඊගාවට එන දවසට නමින්ම කථා කරනවා. වොරන්ටි ගන්න යන්න ඕනි සැබෑ customer service බලන්න
ඒක තමා..... ඊළගට තමා මරුම සිද්ධිය.. මම කිව්ව ඉතින් නැහැ අයියේ මට router එකක් බලන්න ඕනි කියල.... අඩේ මෙන්න ඊට පස්සේ මුන්ට මාව පේන්නෙත් නැහැ... මම කියන ඒව ඇහෙන්නෙත් නැහැ.... ඔන්න උන්ගේ Customer Service.....
he he Sanjaya thama Samajaya gana Danagena Madi..ekai api kiwwath mulinma dont care une..eth api wayasaine..anika raulath tiyanwane.. he he neda Kiyana eka ahann onna ada indalawath...:D තේරැනා නේද කොල්ලො අපි වයස ගියේ නිකම්ම නෙමේ... අත්දැකිම් අරගනමයි...
නෑ තරංග අයියා කියපු එක ගණන් නොගත්ත නෙවේ. දන්නවනෙ ඔබේ අදහස් වලට ගරු කරන විත්තිය. එවෙලෙ ඒක එච්චර ගානක් උනේ නෑ
මේ මම හැමදාම රැවුල කපනවා නෙව :) ( just kidding)
ආ ඒකනේ මම හිත=වෙ රැවුල නෑ කියල
adooo.... mata nam me kathawe thiyena wedagathma de uba lapak gaththa ekay......... ahu una hari nethuwa hari ............ UCSC ekata thaw LAPAK enawane..........
lap ගන්න unity යන්න ඉන්න අපේ කට්ටිය දැනුවත් කරන්න මේ කථාව blog එකේ ලියපු එක නම් හොදයි
දැන් ඉතින් දන්නවනේ unity එකේ කට්ටියගෙ හැටි........
mulin giya shop eka Barclays neda?????????????
නෑ Barclays නම් නෙමේ.. ඇයි ඒකෙත් කේස්ද?
kiyala wadak naaa machan la....api me shop wala names kiyanne nathiwa inna1th waraadi..mama ahala thiyana widiyata, unity ye shpos okkama aithi 2,3k ta lu..e kiyanne..shops kochchara thibbat ewa palanaya wenne sulu pirisaka gen..me sooraa kaama ta 2parak ma ahu wechcha kenek mama..ehema une machine1k ganna wena hoda thanak nodanna kamatai... i3 HP lap1k gaththa (shop1 The Leader)89000kata..(awruddakata kalin) eka hadisiyema wada karanne natiwa giya.On wenawa display1 naha..aragena maasa 6i ethakota.. antimata itin aran giya leader1ta..warranty 1yr..lap1 yawwa PC partner...dawas gaanak rasthiyadu una..antimata kiwa waranty claim karanna baha..mekata waranty reject wela kiyala...ape waradakin lu kadila tiyenne..kamak naa kiyala apau eka aran enna gaththa(masa1ta passe) dan eka thibuna thathwe wath naaa.
anith shop1 Data master..mulin yanakota hodata oluwa atha gaala nawa gannawa..desktop1 gatte mama eken.. i51k.. quotation eka damma 55kata.matath pudumai...wena thanaka e ganata ganna baa ewale(awruddakata kalin)..kohoma hari itin sathiyakin mama giya PC1 ganna...mudal hoya gaththet amaruwen..gihin baladdi mata quotation 1 daapu kena eda naha..mama etha unna anit kenata qoutatio1 dunna..mekaa balala kiyanawa me ganata denna baaa lu,..me kiyala thiyenne i3 1k gana lu...dan mata mala.. mu kiyanawa kohoma kalath tawa 10k wat wadi wenawalu...kohomahari katha karala(mokada mata ewale PC1 ganna godak hadisiye hitiye)60kata gaththa...... mama maha gonek...machine eke nam thama mukut awlak naa..eth mun apiwa maha katha widiyata rawattanawa
machan, oya uba kiala tiena Data Master eke kathawa un hema kenektama daaana pothak. mama mulma cn eka kiala tienne Data Master eka gena thamai. Oka mata meter une mage thawath yaluwektath oya ekama kathawa kiapu nisai.