ජූම්ලා කියන්නේ CMS (Content Management System) එකක්. ඒ කියන්නෙ අපිට පහසුවෙන් අන්තර්ගතය කළමණාකරණය කරගන්න පුළුවන් Web Application එකක්. ඒ කියන්නෙ සර්වර් එකකදි මේක configure කරගත්තාම (Install කියන වචනෙ මෙතෙන්ට හරියටම ගැළපෙන්නේ නෑ මම හිතන්නේ) ලේසියෙන් ඉතා අනර්ඝ වෙබ් අඩවි නිර්මාණය කරගත හැකියි. විශේෂයෙන් ඉතා ඉක්මනින් වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීම සඳහා මේවා යොදා ගැනෙනවා. (Rapid Application Development)
අන්තර්ජාලයේ වෙබ් අඩවි නිර්මාණය සඳහා යොදා ගැනෙන CMS අතරින් ජූම්ලා ගොඩක් ප්රසිද්ධයි. මේක Free and Open Source web application එකක්.මේ මඟින් සැකසුණු වෙබ් අඩවි ඕනෑ තරම් අන්තර්ජාලය පිරික්සීමේදී ඔබට සොයාගන්න පුළුවන්.
මුල සිට ජූම්ලා පිළිවෙලකට ඉදිරිපත් කරන්න මේ අවස්ථාවේ අමාරුයි. මේ බොහොම කාර්යය බහුල කාලයක්. නමුත් අනිවාර්යයෙන්ම මුල සිට සියල්ල ඉදිරිපත් කරන බවට මම පොරොන්දු වෙන්නම්. පහළින් මම ලියන ලියන ලිපි වල පටුනක් ඉදිරිපත් කරන්නම්. ( ජූම්ලා බාගන්න පුළුවන් මෙතනින්)
මේ හදිස්සියෙ ලියන්න ගත්තෙ අපේ බොහොම දෙනෙක්ට උදවු කරන්න හිතාගෙන. ඉක්මනින් ලියවෙන්න අවශ්ය දේවල් මට කියන්න.
ජූම්ලා මුල සිට
ජූම්ලා Tips and Tricks
- ජූම්ලා වෙබ් අඩවිය ත්රෛභාෂාවෙන්ම | How to localize a Joomla Web site (Sinhala Post / English Post )
- Joomla: Want more facilities to edit articles?
- Joomla:How to move your site to a different server?

ලොතු දෙයක්. මමනම් ඉන්ස්ටෝල් කර ගත්තා නමුත් වැඩ කර ගන්න දන්නෑ.
එක එක පාටිස් නම් එඩිට් කරගත්තා. නමුත් හැම වෙළාවෙම පෙන්නන්නේ එකම පිටුවනේ. මේවා පුලුවන්නම් කියලා දෙන්න.
1 එකම සයිටි එකේ වෙබ් පිටු කිහිපයක් එකත් කර ගන්න විධිය
2 වෙබ් සයිටි කිහිපයක් සාදාගන්න ක්රමය.(ලෝකල් හොස්ටි යන විට හැම වෙළාවෙම එකම සයිටි එකනේ තියෙන්නේ.)
1) ඒකට කරන්න තියෙන්නෙ Menus >> Main Menu >> New කියලා ගිහින් menu items එකතු කරගන්න එක. Main menu විතරක් නෙවේ ඕනිම එකකට එකතු කරගන්න පුළුවන්
2) localhost එකේ Folders හදලා (htdocs හෝ ww ඇතුලේ) ඕනි තරමක් sites හදාගන්න පුළුවන්..
පස්සේ වෙලාවක වඩා පැහැදිලිව කියන්නම්..
එලකිරි... ආසයි ඉගෙනගන්න... මචන් මුල ඉදලම දෙන්න.....
අන්න නියම ලිපි පෙලක්.. ගොඩක් දෙනෙක්ට ප්රයෝජනවත් වේවී.. අපෙන් සුභ පැතුම්!
ස්තුතියි :)
great, මමත් මේ දවස් වල joomla site එකක් අටවන් යනවා. බොහොම ස්තුතියි :)
loku deyak sanjaya..thanx a lot
elakiri machan.apith asai igena ganna.nedda work shop ekek wage set karanne?ehema nam apitath kiyanna.
නියම වැඩක් ෙකාෙහාමද ෙහාද template ටිකක් ෙහායාගන්ෙන