
පහුගිය අවුරුද්ද අපි හැමෝගෙම ජීවිත වල වෙනදට වඩා වෙනසක් ඇති කළ බැව් මගේ අදහසයි. රටේ පරිපාලනය සම්බන්ධ දේ මෙන්ම අනෙක් බොහෝ දේ සම්බන්ධවත් සිදුවූ විවිධ වෙනස්කම් ඊට හේතු වෙන්නැති.
අපි බොහෝ දෙනෙක්ට විවිධ ආකාරයෙන් සුභ පැතීමු. සුභ පැතුම් ගැන කේසිරි සර් කී දෙයක් සඳහන් කිරීම වටී යැයි සිතුනි. "ඕගොල්ලො ගොඩක් අය මට සුභ පැතුවනෙ අද උදේ " සුභ අලුත් අවුරුද්දක් වේවා සර් කියලා". ඕගොල්ලො සුභ පැතුවත් නැතත් මම මගෙ අවුරුද්ද සුභ කරගන්නවා. " මදක් බරපතල ප්රකාශයක් ලෙස සිතුනත් මින් ගන්නට දෙයක් නොතිබෙනවා නොවේ. අපේ අවුරුද්ද සුභ කරගත යුත්තේ අපම මිස වෙන කවුරුන්ද?
අපි රැල්ලට මෙන් පැතුම් පතන්නට විවිධ ක්රම යොදා ගනිමු. ඒ සියල්ල බොහෝවිට කරන්නන් වාලේ කරන්නා විනා අනෙකාට යහපතක්ම වේවා යන අදහසින්ම කරන ඒවා නොවේ. සමහර විට නොකර බැරි කමට කරනවාද විය හැකියි.
කෙසේ වෙතත් යහපත් සබඳතා පවත්වාගෙන යාමට මෙම සුභ පැතුම් වලින් ඉටුවන මෙහෙය ඉමහත්ය. හිතේ තිබුනු අමනාපකමක් වී නම් හුදු සුභ පැතුමකින්ම යම් සෙතක් වීමටද ඉඩ තිබේ.
ඔබ සැමට දීමට අවශ්ය වූ පණිවිඩය තම අවුරුද්ද සුභ කරගත හැක්කේ තමන්ටම නිසා නව අවුරුද්ද සුභ කර ගැනීමට තමන්ම වෙහෙසෙන්න යන්නයි.
මේ නව අවුරුද්දේ ඔබ අප සැමගේ සියලු යහපත් සිතුම් පැතුම් ඉටු වේවා!
කතාව ඇත්ත මචන්....
තම හිසට තම අතමය සෙවනැල්ල.......
අපි උත්සහ ගත්තොත් හැමදාම සුභයි තමා....
:) :) :)
Wish your Happy New Year.!
Wish your Happy New Year.!
උදාවු අලුත් අවුරුද්ද සාමය සතුට, සව්භාග්ය පිරි සුභ නව වසරක් වේවා.......
සියලු පැතුම් ඉටුවන සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා……!!!!!