උබුන්ටු දාලා තියෙන පරිගණකයකට පස්සෙ වින්ඩෝස් දැම්මොත් GRUB එක නැති වී ගිහින්, පරිගණකය පණගැන්වූ විට කෙලින්ම වින්ඩෝස් වලට යනවා මිස උබුන්ටු වලට යන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඉතින් මේකට අපි සාමාන්යයෙන් කරන්නෙ උබුන්ටු ආයෙ දාන එක.
නමුත් එහෙම කරන්න අවශ්ය නෑ. GRUB එක යළි පිහිටුවාගන්න පුළුවන්.
මගේ තිබ්බෙ උබුන්ටු 10.04. පස්සෙ වින්ඩෝස් 7 දාලා GRUB එක නැති උනා.
මේ දැක්වෙන්නෙ මම කරලා බලපු එක ක්රමයක්.
(දැන් පහත ක්රමයට වඩා ලේසියෙන් මේක විසඳගන්න පුළුවන් Boot-Repair දාලා. ඒ ගැන විස්තර මෙතනින් බලන්නකෝ)
පියවර 1:
ඉස්සෙල්ලාම උබුන්ටු 9.10 හෝ ඊට පසු සංස්කරණයක Live CD එකකින් පරිගණකය බූට් කරගන්න.
පියවර 2:
ටර්මිනලයක් ඕපන් කරගන්න (Applications >> Accessories >>Terminal)
පියවර 3:
උබුන්ටු ස්ථාපිත කරන ලද පාර්ටිෂන් එක හඳුනාගන්න.
ටර්මිනලයේ පහත විධානයෙන් පහසුවෙන් පාර්ටිෂන් වල තොරතුරු ලබා ගත හැකියි.
{code} sudo fdisk -l {/code}
මගේ උබුන්ටු දාලා තිබ්බෙ sda5 කියන පාර්ටිෂන් එකේ.
පියවර 4:
දැන් පහත විධානයෙන් ඒ පාර්ටිෂන් එක mount කරගන්න.
{code} sudo mount /dev/sdXY /mnt {/code}
මෙහි sdXY වෙනුවට ඔබට අදාල පාර්ටිෂන් එකේ නම දෙන්න
මම යෙදුවේ sudo mount /dev/sda5 /mnt කියලා.
පියවර 5:
හරි දැන් තියෙන්නෙ GRUB එක ආයෙ ස්ථාපිත කරන එක.
ඒ සඳහා
{code} sudo grub-install --root-directory=/mnt/ /dev/sdX {/code}
විධානය යොදන්න.
මම යෙදුවේ sudo grub-install --root-directory=/mnt/ /dev/sda කියලා
දැන් වැඩේ ගොඩ.
පරිගණකය නැවත පණගන්වලා
{code} sudo update-grub {/code}
විධානයෙන් GRUB 2 එක refresh කරන්න. දැන් වැඩේ සම්පූර්ණයි. දැන් පරණ පුරුදු පරිදි GRUB එක පේන්න ඕනි පරිගණකය පණගන්වපුවාම.
මේ එක ක්රමයක්. මේ විධියට කරලා හරිගියේ නැත්නම් මෙන්න මෙතන තියෙන අනෙක් ක්රම වලින් උත්සාහයක් අරන් බලන්න.

වටිනා ලිපියක්. කාලෙකට කළින්, ලිනකස් එහෙම දාන්න ගිහින් කටු කන්න වුනාම, මට මේ ප්රශ්නෙ ගැන හිතුනා. ඒත්, ලිනක්ස් අත ඇරුන නිසා, ප්රශ්නෙත් අමතක වෙල ගියා. උබුන්ටු අයෙත් දාලා බලන්න ඕනි.
ස්තුතියි.
ඔව් ඔව් දාලා බලන්න ආයෙත්.
grub legacy වල නම් මට recover කරන command හතර මතක තිබුනා. මේ අළුත් එකේ නම් install කරන command එක දිග නිසා මතක හිටින්නෙ නෑනෙ.
මේක තමා ලේසිම ක්රමය. අනිත් ඒවා සෑහෙන දිගයි තමා.
සෑහෙන දවසකින් සංජයගෙ දිනපොත බැලුවේ....
සෑහෙන වටින ලිපියක්... මමත් වින්ඩෝස් දාපු නිසා ආයෙ ආයෙ ලිනක්ස් දාපු අවස්ථා කිහිපයක්ම තිබුනා...
ඒකට මේක නම් හොද විසදුමක්....
නියමයි....
ඈත්තටම ගොඩක් වටිනවා
බොහොම ස්තුතියි.මම වින්ඩොස් format කරලා ආයේ මත් ubuntu මෙහෙමෙ හදා ගත්තා
තවත් ප්රශ්නයක් තමයි වින්ඩෝස් සහ උබුන්ටු දෙකම තියෙනකොට උබුන්ටු අයින් කරාම( උබුන්ටු පර්ටිශන් එක ෆොමැට් කරා කියමුකො නිකමට වගේ ) ලැබෙන ආතල් එක. එතකොට "Main Boot Recorder (MBR)" එකට කෙල වෙනව...
එහ්ටකොට වින්ඩෝස් බූට් ලෝඩර් එක ආපහු දාගන්න නම් කරන්න තියෙන්නෙ වින්ඩොස් සංයුක්ත තැටියෙන් පරිගනකය පන නැංවීම. ඉන් පසු වින්ඩොව්ස් රිකවර් කිරීමට තෝරාගන්න. එවිට ලබෙන "Command Line Interface" එකෙහි "fixmbr" යන විදානය ක්රියාත්මක කරවන්න. එවිට වින්ඩොව්ස් බූට් ලෝඩර් එක නැවතත් ස්ථාපනය වී වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධතිය යතා තත්වයට පැමිනේ...
ප.ලි.- විශේෂ ස්තුතිය සාකුන්තල අය්යාට
ගොඩක් වටිනවා සහෝ මේ කොමෙන්ට් එක. ගොඩක් ස්තුතියි.
මම අදයි දන්නෙ එහෙමත් පුළුවන් කියලා..
කැසිල්ලාගේ comment එක මටත් useful උනා. But ඒ command එක use කරන්න ඔනෙ option එකක් විදිහට, like this,
Bootrec.exe -FixMbr
Thanks Sanjaya n Kazilla
තෙරුවන් සරණයි.
මම උබුන්ටු වලට අලුත් කෙනෙක් මම උබූන්ටු 10.04 පාවිච්චි කලා ඒකට ඉන්ටර්නෙට් වේගය මදි 3G සිග්නල් මදි නිසා නමුත් 10.10 හොදට ඉන්ටනේට් වේගය තියෙනවා නමත් 10.10 ට සිංහල යුනිකෝඩ් දාගන්න බෑ
කවුරු හරි මට උදව් කරන්න.
තව දෙයක් සිංහල වෙනත් ෆොන්ට් වලින් උබූන්ට් වලින් ටයිප් කරන්නේ කොහොමද?
මට කියලා දෙන්න. තෙරුවන් සරණයි.
මෙන්න මෙතැනින් සිංහල ඉන්ස්ටෝල් කරන හැටි ගැන විස්තර දැනගන්න පුළුවන් : http://sinhala.sourceforge.net/
යුනිකෝඩ් නොවන ෆොන්ට් වලින් ටයිප් කරන්න නම් ඉස්සෙල්ලා අදාල ෆොන්ට් ඉන්ස්ටෝල් කරගෙන පස්සෙ වින්ඩෝස් වලදී වර්ඩ් වලින් වගේ උබුන්ටු වලදි Open Office වගේ මෘදුකාංගයකින් ටයිප් කරන්න පුළුවන්..
තව විස්තරාත්මකව අවශ්ය නම් කියන්න..
බුදු සරණයි!
Bohoma pin mata me link 1k dunnata namuth meka mata therenne ne. Puuwann nam Ubuntu 10.10 tama awenika widiyata Unicode font ha wenath font install karana widiya sinhalen lipiyak denna puluwanda?
anith font walata keyman wage sofrweya 1k onada. ehema nethnam Unicode taip karana ibus ekenma eka karanna puluwanda kiyala kiyala denna godak pin.
mama hora softweya sampurnayenma athaharinna kemathiyi ekayi.
Theruwan Saranayi...!
නියමයි බන්..මං මේක කරල බැලුවා...නියමෙට වැඩ බං..
great work machan
machn thnx bun,
meka karaganna widiyak nathuwa hitiye...thawa dingen okkoma ubuntu software tika aith danna wenawa ne :):)
pattai meka...machan waradi wagayak pennanawa.samahara page wala ewa ain karanna
thanks machan.
dan hari neda thawa mona hari case thibboth kiannaa
thanks man..this is great it works and thanks a lot..
thanx machan...dan nam niyamai blog eka.kalekin mama me page ekata awe.ayeth mata meka uwamana una