අද උඹ හිනා වෙනකොට,
මගේ හිතට දැනෙන සතුටත් එක්ක මට මතක් වෙන්නෙ..
දැනට කාලෙකට ඉස්සර,
උඹ ඔලුව නවාගෙන,
මූන ඇඹුල් කරගෙන,
ඇස් රතු කරගෙන,
දුකින් හිටපු හැටි......
ඒ කාලෙ මතක් වෙනකොට,
අද උඹ ගැන මට පුදුම සතුටක් තියෙන්නෙ....
පුංචි දුකක් තියෙන්නෙ,
එදා උඹ දුකින් බව ඉස්සෙල්ලාම කියන මට,
අද උඹ සතුටින් බව කියන්න අමතක උනු එකට....

මිතුර...
දුකට පත් මිතුරාට විශ්වාසවන්තයකු අවැසියි සිය දුක බෙදාගන්නට. ඒ නිසා ඔහු කතා කලේ ඔබට ඒ දුක කියන්නට. ඒ ඔබු ඔහුගේ සුවිසල් මිතුදමෙහි රැඳූනු ඔහුට වටිනා මිතුරකු වු නිසා.
අද ඔහු සතුටින්, ඔහු වටා සුවිසල් පිරිසක් සමගින්, ඔහුට සතුටත් සමග තනියක් නැති නිසා සිය හොඳම මිතුරා, තම දුක බෙදාගන්නට එදා සිටි මිතුරා අමතකව ගොස්. කාලයේ තාලයට අපූරුයි ඒ සිදුවීම.
ඇත්ත මචං මම පිලිගන්නවා...
මගෙ අතින් වැරැද්දක් වුනා කියලා...
ඒත් උබට පොඩිහරි ඉඩක් ලැබුනොත්.....
අහපන් මගේ ජිවිතෙන් මම උබගැන.....
එයාට කියලා තියෙන්නෙ මොනවද කියලා...
උබ එදා මගේ ලගින්ම ඉදගෙන මට දීපු හයිය....
මගෙ ජිවිතේ හැමදාම ලියැවිලා තියෙනවා...
අද මම සතුටෙන් ඉන්නකොට උබට සතුටුනම්...
ඒ සතුට මට ලැබුන එකේ කොටසක්...
අනිව අයිතිකාරයෙක් උබ කීවොත්...
ඒක අතිශයොක්තියක්නම් නෙවෙයි...
මගෙ යාලුව හැමදාම මට....
ඒ හයිය දියන්...
උබට වරදින්නෙ නැ...
මොකද උබ....
හදවත හොද එකෙක් නිසා...
තාමත් හැමදාටමත් උබම තමයි...
මගෙ හොදම යාලුවා....
මිතුදම සදාකල් සිතේ රැඳුනු මිල කල නොහැකි, අමිල සම්පතකි......එය රැක ගනුම මිතුදමේ යුතුකමයි...
ඔබ දෙදෙනාටම ජය.................:)
දුකක් හිතේ තියාගන්න එපා මචන්...
උඹලා සිරාවටම හොද යාලුවෝ....
අඩුපාඩු දුක් කදුලු මැද මිතුදම දයාබරයි අර්ථාන්විතයි....
සදා මිතුදමේ අගය එයයි....
උඹල දෙන්නටම ඒ අගය සදා සතුටක් ගෙන ඒවි.....
ඔබෙත් මගෙත් මිතුදම ගැන අපේ හදවත් තතු කියාවි.
ඒ මිතුදම එලෙසින්ම ඉදිරියටත් තියා ගනිමු....
දර්ශන සහ මාධව, ගොඩක් ස්තුතියි....
ඇත්තටම උබලා දෙන්නගේම මිත්රත්වය අර්ථ දැක්වීම අථිවිශිෂ්ඨයි මචං... ඔය දේ තේරුම් ගනිපු යාලුවො මේ ලොකේ ඉන්නවනම් මෙ ලෝකය දැන් තියෙනවට වඩා කොච්චර ලස්සන ලෝකයක් වෙයිද ??? ඒත් එහෙම නැනේ......
අහසේ තරු සේ............
මුහුදේ රළ සේ...........
මිතුදම් පවතී ...........
ලොව සැමදා................................