මේක පොඩි පහේ සමීක්ෂණයක්. හැමෝම ටික වෙලාවක් මිඩංගු කරලා සහභාගී වෙන්න.මේකෙදි ප්රශ්න කීපයක් අහනවා ඕගොල්ලො වෙබ් අඩවියකින් බලාපොරොත්තු වන දේවල් සම්බන්ධයෙන්. ඉතින් පුළුවන් උපරිමයෙන් උත්තර දෙන්න.

මේකෙදි දැනට තියෙන වෙබ් අඩවි වලින් ඔබ බලාපොරොත්තු වන දේවල් ගැන මෙන්ම අනාගතේ එන වෙබ් අඩවියක තිබුනොත් හොඳයි කියල හිතෙන දේවල් ගැනත් සඳහන් කරන්න.
ඉංග්රීසි, සිංහල (යුනිකෝඩ්), හා සිංග්ලිෂ් (SMS යවද්දි අපි පාවිච්චි කරන්නෙ) වලින් උත්තර දෙන්න. කොටින් කීවොත් සිංහල හෝ ඉංග්රීසි මාධ්ය වලින් කැමති විදියකට උත්තර දෙන්න.
මෙන්න ලින්ක් එක
බොහොම ස්තුතියි!
ඔන්න මම නම් මට ඕන දේවල් දැනම :P
නැතුව නැතුව, තමන්ට ඕන දේවල් තමා දාන්න ඕන.
සහෝදරයා, ඔයාට මෙකෙන් ලැබෙන results ටික මටත් දෙන්න බැරිද?
User Details හැර ඉතිරිවා ෙදන්නම් :) හරිනේ ?
Please understand that I won't let any details which may relate to user identification to any other party (Name and Email address or any blog / website address given as the answers won't be given to anyone).
ඔන්න මමත් පිරෙව්වා, FB එකෙත් share කලා ;)
සහෝ, මටත් දෙනවද? යුසර් ඩීටෙයිල්ස් ඔනේ නැහැ. මේ prashanfdo[ඇට්]gmail[ඩොට්]com මේල් එකට පොඩි ෆොර්වර්ඩ් පාරක් දාන්න. Advance thankXX.
ගොඩක් අය නිකමට ඇවිත් ආපහු ගිය බවක් තමා පේන්න තියෙන්නෙ. responses 23 කින් 7ක් තමා සම්පූර්ණ ඒවා තියෙන්නෙ දැනට.
කීප දෙනෙක්ටම මේ වගේ සමීක්ෂණයක අවශ්යතාව දැනිල තියෙනවා. හොඳයි හොඳයි.
මම නම් ඔන්න chat එකෙන්ම කිව්වා.... ඒක මට නම් ලේසි මීට වඩා ....
කොහොමහරි කියන්නනෙ ඕනෙ. එක එක අයට ගැළපෙන්නෙ එක එක විධිය නෙ :)
[...] දෙයක් තියෙනවා. මතක ඇතිනේ මම දවසක් පොඩි සර්වේ එකක් ගැන සඳහන් කළා. ඒක එච්චරම සාර්ථක උනේ [...]
සාර්ථකම උනේ නැතත් ඔන්න මේකෙ ප්රතිඵල හැමෝටම ගන්න පුලුවන් මේ ලින්ක් එකෙන්
http://www.mediafire.com/file/k9ceoq73w64h2zl/survey.xlsx
පෞද්ගලික තොරතුරු ඉවත් කලා මම කීවා වාගෙම
බොහොම ස්තුතියි. මම ඒක බලන්නම්. මේ වගේ එකකින් ලොකු ප්රයෝජනයක් මට ගන්න පුළුවන්.